බර W වූ ළමයෙක් රූපයේ පෙන්වා ඇති අයුරින් සැහැල්ලු අවිතන්‍ය කඹයක දෙකෙළවරින් එල්ලී නිශ්චලතාවයේ සිටි. දුනු තරාදියේ බර නොසලකා හරිය හැකි තරම් කුඩා වේ නම් එහි පරිමාණයේ පාඨාංකය වන්නේ,
ස්කන්ධය නොසලකා හරිය හැකි දුනු තරාදි දෙකක් එකිනෙකට සම්බන්ධ කොට 10 kg ස්කන්ධයක් එයින් එල්ලා ඇත්තේ රූපයේ පෙන්වා ඇති පරිදිය. මෙම අවස්ථාව සඳහා සත්‍ය වන්නේ පහත දැක්වෙන කුමන ප්‍රකාශය ද ?
රූපයේ පෙන්වා ඇති පරිදි සුමට කප්පියක් උඩින් යවන සැහැල්ලු තන්තුවක ස්කන්ධය 1 kg වූ දුනු තරාදියක් සහ 1 kg සහ 2 kg වන ස්කන්ධ දෙකක් දරා සිටී.තරාදියේ පාඨාංකය වනුයේ,
දුනු තරාදියක් මඟින් ස්කන්ධය M වූ ඒකාකාර දණ්ඩක්, එහි මධ්‍ය ලක්ෂ්‍යයෙන් එල්ලා ඇත. m1 සහ m2 (m2 > m1) වූ ස්කන්ධ දෙකක් දණ්ඩේ දෙකෙළවර තබා ඇත. රූපයේ පෙනෙන පරිදි B කෙළවරෙහි තබන ලද කුඤ්ඤයක් ආධාරයෙන් දණ්ඩ තිරස් ව තබා ඇත. දුනු තරාදියේ පාඨාංකය වනුයේ,
සැහැල්ලු දුනු තරාදියකට සුමට කප්පි භාවිත කර 100 N බරක් යොදා ඇති ආකාර 4 ක් A,B,C සහ D යන රූප සටහන්වලින් පෙන්වා ඇත. අවස්ථා හතරේ දී දුනු තරාදි පරිමාණයේ පාඨාංක විය හැක්කේ,
| (A) | (B) | (C) | (D) | |
|---|---|---|---|---|
| (1) | 100N | 100N | 100N | 100N |
| (2) | 100N | 0 | 200N | 100N |
| (3) | 100N | 100N | 100N | 200N |
| (4) | 100N | 0 | 200N | 200N |
| (5) | 100N | 100N | 200N | 200N |