මිනුම්

මාන

ත්‍රිකෝණමිතික අනුපාත,ලඝුගණක, ඝාතීය ශ්‍රිත හා දර්ශක ආශ්‍රිත මාන

Question 01

x මඟින් විස්ථාපනය ද A මඟින් විස්තාරය ද t මඟින් කාලය ද නිරූපණය වන x = Asin(kt) භෞතික සමීකරණයේ k වල මාන වනුයේ,

  1. T
  2. T 2
  3. T -1
  4. T -2
  5. මාන රහිත වේ

Question 02

F = k1Asin$ \alpha $ + k2Tsin$ \beta $ මනංකල්පිත භෞතික සමිකරණයේ F මඟින් බලය ද, A මඟින් විස්තාරය ද, T මඟින් ආවර්ත කාලයද දක්වයි නම් $ \frac{k_1}{k_2}$ අනුපාතයෙහි මාන වනුයේ,

  1. LT 2
  2. L2T
  3. T
  4. L 2T -1
  5. L -1T

Question 03

$ \beta = 10log_{10} (\frac{I}{k})$ මාන අනුව නිරවද්‍ය භෞතික සමිකරණයක් වේ නම් $ \frac{\beta I}{k}$ යන පදයෙහි මාන වනුයේ,

  1. M
  2. L
  3. T
  4. මාන රහිතයි
  5. දත්ත ප්‍රමාණවත් නොවේ.

Question 04

t = 0 දී විකිරණශීලි මාතෘ න්‍යෂ්ටි $ N_0 $ සංඛ්‍යාවක් පැවති සාම්පලයක t කාලයකට පසු ඉතිරි වන්නේ මාතෘ න්‍යෂ්ටි N සංඛ්‍යාවක් නම් එම භෞතික රාශි අතර සම්බන්ධය $ N = N_0 e^{-\lambda t}$ මඟින් ලැබේ. $\lambda$ හි මාන වනුයේ,

  1. T
  2. L
  3. LT -1
  4. T -1
  5. T -2

Question 05

t = 0 දී විකිරණශීලි මාතෘ න්‍යෂ්ටි $ N_0 $ සංඛ්‍යාවක් පැවති සාම්පලයක t කාලයකට පසු ඉතිරි වන්නේ මාතෘ න්‍යෂ්ටි N සංඛ්‍යාවක් නම් එම භෞතික රාශි අතර සම්බන්ධය $ N_0 = N \times 2^{\frac{t}{k}}$ මඟින් ලැබේ. k හි මාන වනුයේ,

  1. T
  2. L
  3. LT -1
  4. T -1
  5. T -2