2026 A/L

නවතම බහුවරණ ප්‍රශ්න

1 කොටස

Question 01

සංඛ්‍යාතය f වූ ආලෝක කිරණයක් වර්තනාංකය n1 හා n 2 (<n1) වූ සමාන ඝණකමින් යුතු මාධ්‍ය දෙකකට ලම්භකව ගමන් කරන අවස්ථාවක,
A. මාධ්‍ය දෙක තුළ පවතින ආලෝක කිරණයේ පුර්ණ වක්‍ර සඛ්‍යාව සමාන වේ.
B. එම පුර්ණ වක්‍ර සංඛ්‍යාවේ සහ මාධ්‍යයේ තරංග ආයාම වල ගුණිතය සමාන වේ.
C. එක් එක් මාධ්‍ය තුළ ප්‍රවේගයේ විශාලත්වය හා පුර්ණ වක්‍ර සංඛ්‍යාවේ ගුණිතය සමාන වේ.

  1. A සත්‍ය වේ.
  2. B සත්‍ය වේ.
  3. B හා C සත්‍ය වේ.
  4. A හා C සත්‍ය වේ
  5. සියල්ල සත්‍ය වේ.

Question 02

එක්තරා වීදුරු ප්‍රිස්මයක පතන කෝණය 50° හා 60 ° වන විට අපගමන කෝණය 70° වේ නම් ප්‍රිස්ම කෝණය වනුයේ,

  1. 30°
  2. 40°
  3. 50°
  4. 60°
  5. 70°

Question 03

විශද දෘෂ්ඨියේ අවම දුර 49 cm වූ පුද්ගලයෙකු එම අවම දුර 25 cm ලෙස නිවැරදි කරගැනීම සඳහා යුපැස් යුවළක් භාවිතා කරයි. යුපැස් යුවළ ඇසේ සිට 1 cm දුරක් ඉදිරියෙන් පළඳි නම් භාවිත කළ යුතු කාච වල බලය වනුයේ,

  1. + 3.0 D
  2. +2.5 D
  3. - 2.1 D
  4. - 1.2 D
  5. +2.1 D

Question 04

ගුරුත්වජ ත්වරණය සඳහා අගය පරික්ෂණාත්මකව සෙවීම සඳහා 50 cm දිග තන්තුවකට කුඩා යකඩ ගෝලයක් එල්වා සකස් කරගත් අවලම්භයක දෝලන n ප්‍රමාණයක් සඳහා කාලය මැනගත යුතුය. මීටර් කෝදුවක් ආධාරයෙන් තන්තු දිග මැනගත් අතර කුඩාම මිනුම 0.1s වන විරාම ඝටිකාවක් භාවිතයෙන් දෝලන n සඳහා කාලය මනින ලදී. එක් දෝලනයක් සඳහා කාලය 2.5s පමණ වේ නම් ගුරුත්වජ ත්වරණය සඳහා ප්‍රතිශත දෝෂය 1% ක් වන පරිදි අගයක් ලබාගැනීමට මැනගත යුතු අවම දෝලන සංඛ්‍යාව වනුයේ,

  1. 5
  2. 10
  3. 20
  4. 25
  5. 50

Question 05

ප්‍රකාශ උපකරණ පිලිබඳ පහත ප්‍රකාශන සලකා බලන්න.
A. සාමාන්‍ය සීරුමාරුවේ පවතින දුරේක්ෂයක සමාන විෂ්කම්භ ඇති අවනෙත හා උපනෙත හුවමාරු කර සංයුක්ත අන්වීක්ෂයක් ලෙස භාවිතා කළ හැකිය.
B. එම අන්වීක්ෂය සාමාන්‍ය සීරුමාරුවට පත් කිරීමට කාච අතර පරතරය අනිවාර්යයෙන් වැඩි කිරීමට සිදුවේ.
C. එම අන්වීක්ෂය අසාමාන්‍ය සීරුමාරුවට පත් කරගැනීමට කාච අතර පරතරය අනිවාර්යෙන් අඩු කළ යුතුය.

  1. A හා B සත්‍ය වේ.
  2. B සත්‍ය වේ.
  3. B හා C සත්‍ය වේ.
  4. A හා C සත්‍ය වේ
  5. සියල්ල සත්‍ය වේ.