PHYSICSPLAN. LK හි අරමුණ කෙටියෙන්

ගණිත හා විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ ඔබට, විෂය කරුණු රැසකින් සමන්විත විෂයන් තුනක් ඉගෙනගන්න තියෙන්නෙ එක් විෂයකට හෝ අඩුපාඩුවක් නොවන අයුරින්. ඒ විදියට විෂයන් තුනටම සාධාරණව කාලය ලබාදීම පහසු කාර්යයක් නොවේ. සතියෙන් සතියට එක් විෂයක් හෝ දෙකක් මඟ හැරීම, වැළැක්වීම අපහසු කටයුත්තකි.

PHYSICSPLAN.LK තුළින් අප බලාපොරොත්තු වන්නේ භෞතික විද්‍යා විෂය මඟහැරීම වළක්වා සැලසුමකට අනූව නැවත නැවත සියලු විෂය කරුණු මතකයට ගෙන ඒමයි. අවසානයේ උසස් පෙළ විභාගයට දින ලං වන විට ඔබට භෞතික විද්‍යා විෂයට අදාළ ගොඩ ගැසී ඇති වැඩ ප්‍රමාණය හැකිතරම් අවම බව ඔබට තේරුම් යනු ඇත. එය ඉතිරි විෂයන් දෙකට අදාළ වැඩ කිරීමට අවස්ථාව ලබාදීමකි.

2027 සිසුන් ඉලක්ක කරමින් නිර්මාණය වන බැවින් PHYSICSPLAN.LK හී භෞතික විද්‍යාව විෂයට අදාළ සියලු පාඩම් සම්බන්ධ ප්‍රශ්න හා අනෙකුත් කරුණු සම්පූර්ණ වන්නේ 2027 විභාගය පැවැත්වෙන දින වකවානු එළඹෙන විටය. නමුත් 2026 සිසුන් සඳහා මුල් පාඩම් මතක් කරගැනීමට PHYSICSPLAN.LK උපකාරී වනු නිසැකය. 2027 හා ඉන් ඉදිරියට උසස් පෙළ සිසුන්ට PHYSICSPLAN.LK මඟින් විෂය සාර්ථකව කරගෙන යාමට රුකුලක් වන බව අපගේ විශ්වාසයයි.


PHYSICSPLAN.LK සමූහය